මහර බන්ධනාගාර ගැටුමෙදි කඩුත් භාවිත කරලා..

මහර බන්ධනාගාරයේ ගැටුම සිදුවූ දින මාධ්යට නිකුත් වූ කැමරා දර්ශන අනුව එම පරිශ්රය තුළ සිදුවූ සිද්ධි දාමය යම් හෙයකින් අවබෝධ කර ගත හැකිවුවද සැගවී ඇති කරුණු කිහිපයක්ද සාකච්ඡාවට භාජනය කල යුතුව ඇත.
ගැටුම සම්බන්ධයෙන් රැඳවියෙකු පැවසුවේ කලහකාරී ලෙස හැසුරුණු සමහර රැඳවියන් සතුව කඩු ද තිබු බව හා ඔවුන් ඒවායෙන් පහර දුන් බවය. මෙහිදී ඇතිවන ගැටලුව නම් බන්ධනාගාරය තුල කඩු වැනි ආවුද රැදවියන් සගවා තබාගන්නේ කෙසේද යන්නයි.
බන්ධනාගාර ජේලර්වරුන්ගෙන්ද සගවාගෙන මෙලෙස ඔවුන් බන්ධනාගාර තුල අවුද තබාගන්නේ නම් මත්ද්රව්ය සගවා තබා ගැනීම අරුමයක් නොවනු ඇත.
