මහනුවර ලෙක්සිකන් ජාත්‍යන්තර පාසලේ හත් හැවිරිදි සිසුවෙකු පාසලේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට අයත් වාහනයකට යටවීමෙන් මිය ගිය බව පොලිසිය පවසයි.
ඊයේ (12) පෙරවරු 11.30 ට පමණ පාසල් පරිශ්‍රය තුළදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේ ජලය පානය කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු මෝටර් රථයේ ගැටී ඇති බව ය. සිද්ධියෙන් තුවාල ලැබූ එක් දරුවෙකු මිය ගිය අතර තුවාල ලැබූ අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පාසලේ අධ්යක්ෂවරයකු ද වන වාහනයේ හිමිකරු කියා සිටියේ තමන් වාහනය නවතා ඉන් බැසීමෙන් පසු මෙම අනතුර සිදු වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු හෙට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


