Skip to content

මරදගහමුල සහලින් පිරෙයි

සහල් මිල තීරණය කරන මෙරට විශාලතම සහ ප්‍රධානතම සහල් වෙළෙඳ පොළ ලෙස සැලකෙන මරදගහමුල ගබඩා සංකීර්ණය දැන් සහලින් පිරී ඇතැයි වෙළෙඳ වාණිජ හා සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා රජයේ සහල් තොග ගබඩා කර ඇති මරඳගහමුල සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව සතු ගබඩා නිරීක්ෂණයටද එක්වූ අතර වසර 13ක කාලයක් එකඳු වී මල්ලක් හෝ සහල් මල්ලක් ගබඩා කර නොතිබූ ගබඩාවක් දැන් සහලින් පිරවීම ජයග්‍රහණයක් බව සඳහන් කළේය.

සහල් මෙට්‍රික් ටොන් 75,000ක් පමණ ගබාඩා කිරීමට හැකි ධාරිතාවක් සහිත වී ගබඩා දෙකක්  ජරාජීර්ණව අභාවයට යන්නට ඉඩහැර තිබීම ජාතික අපරාධයක් බව බව කී අමාත්‍යවරයා තම රජය යටතේ යළි මරදගහ මුලට පණ ලබා දුන් බව සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2019-2020 LKReports.com