Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ කෙටුම්පත ඇමතිට පිළිගන්වයි

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ කෙටුම්පත ඇමතිට පිළිගන්වයි

දිගු කාලීන පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ” සංවර්ධිත කෙටුම්පත (Advanced Draft)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්ම මහත්මීන්ට පිළිගැන්වීම ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද ස්වාධීන බහුපාර්ශ්වීය කමිටුවක් විසින් සකස් කරන ලද මෙම ප්‍රතිපත්ති මාලාව, 2023 මැයි මාසයේ සිට 2025 දෙසැම්බර් දක්වා වසර දෙකකට අධික කාලයක් පුරා සිය ගණනක් වූ බහුවිධ පාර්ශ්වකරුවන්ගේ දායකත්වයෙන් යුතුව නිර්මාණය කර තිබේ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසකට ප්‍රතිපත්තිමය අවශ්‍යතාවක් පවතින බව මහජන අරගලය මගින් පෙන්වා දුන් බවත්, එම ප්‍රතිපත්ති සැකසීම මේ වන විට අමාත්‍යාංශ මට්ටමින් සිදුවෙමින් පවතින බවත්ය.

මෙම ජනමාධ්‍ය ප්‍රතිපත්තිය හුදෙක් අමාත්‍යාංශයේ පමණක් ප්‍රතිපත්තියක් නොවන අතර, අමාත්‍යාංශය විසින් සිදු කළේ මෙම කාර්යය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.  එමෙන්ම මාධ්‍ය නිදහස, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ පුරවැසි බලපෑම පිළිබඳව අමාත්‍යාංශය මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහි මූලික කෙටුම්පත (Zero Draft) 2023 වර්ෂයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සැදුම්ලත් මූලික කෙටුම්පත්කරණ කමිටුව හරහා 2024 ජූලි මාසයේදී සකස් කර ඉදිරිපත් කෙරිණි.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන – ජනමාධ්‍ය) නෙළුම් දිල්ෂාරි මහත්ම මහත්මීන්  ඇතුළු  ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයෝ සහභාගී වී සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *