Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මරණ දඬුවම නියම වූ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව

මරණ දඬුවම නියම වූ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ, මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී ඇති යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇති බවට වාර්තා වේ.

ඔහු ඇතුළු සෙබළුන් 14 දෙනෙකුට චෝදනා එල්ලවී ඇත්තේ 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කරනු ලැබූ ක්‍රියාන්විතයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවටයි. ඒ අනුව එවකට පැවැති රජය ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.

අනතුරුව එම සෙබළුන් චාවකච්චේරි මහෙස්ත්‍රාත් උසාවියෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කළ අතර කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් පසුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම විය. සෙසු පිරිස නිදොස් කොට නිදහස් කරන ලදී. මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ දක්ෂ විශේෂ බළකා භටයකු වන අතර රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම්වලදී රණශූර පදක්කම පවා හිමිකර ගත් අයෙකි. එම සටන්වලදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවූ මෝටාර් ප්‍රහාරයකින් එල්ල වූ කැබැල්ලක් ඔහු​ගේ හිස තුළ අදටත් ඇති බවට පැවසේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *