මනූෂ නානායක්කාරට එරෙහිව කෝප් කමිටුවට පැමිණිල්ලක්.

කෝප් කමිටුවේ සහ විගණකාධිපතිවරයාගේ බලතල විවේචනය කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකට එරෙහිව කථානායකවරයාට පැමිණිලි කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තීරණය කර තිබේ. 2022 දෙසැම්බර් 22 වන දින පැවති අමාත්‍යාංශ නිල උත්සවයකදී නානායක්කාර අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (5) පාර්ලිමේන්තුවේදී රැස්වූ කෝප් කමිටුව කරුණු විමසා ඇත. නානායක්කාර ඇමැතිවරයා කෝප් කමිටුවේ සහ විගණකාධිපතිවරයාගේ බලතල විවේචනය කළ බව විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ලිඛිතව දැනුම් දී තිබිණි. කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයාගේ ප්‍රකාශය නරක පූර්වාදර්ශයක් බව නිරීක්ෂණය කළ කෝප් කමිටුව සිය අප්‍රසාදය පළ කළ අතර විගණකාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත සිය කණගාටුව ප්‍රකාශ කිරීමට ද තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *