Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මද්‍රාසා ආයතන වසර 3ක් ඇතුළත පොදු අධ්‍යාපන ක්‍රමවේදයට අන්තර්ග්‍රහණය කිරීමට නිර්දේශ

මද්‍රාසා ආයතන වසර 3ක් ඇතුළත පොදු අධ්‍යාපන ක්‍රමවේදයට අන්තර්ග්‍රහණය කිරීමට නිර්දේශ

වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයෛ් (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සදහන් වේ.

මද්‍රසා ආයතන නියාමන සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීම, සියලු අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ,ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ.

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව නැවත එවැනි තත්වයක් උද්ගත වීම වළක්වා ගනු පිණිස ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කෙරිණි. ‘’ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටාදැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාල නීතිරීති සම්පාදනය සහ ක්‍රියාත්මක කරවීමේ යෝජනාව සම්බන්ධයෙන් වන වාර්තාව ‘’ ලෙස මෙය නම්කර තිබේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් මෙම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‍කරන ලදී.

අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමට අදාල නිර්දේශද මෙහි ඉදිරිපත් වී තිබේ.මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි ISIS මූලස්ථානයද බුර්කාව තහනම් කළ බවත් මෙම වාර්තාවේ සදහන් වේ.

මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම,ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම,විද්‍යුත් ,මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය,මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම,සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම සහ හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් ගණනාවකට අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *