“බුරවී” මුලතිව් ආසන්නයෙන් රට තුළට ඇතුළුවේ, මිලිමීටර් 200 ඉක්මවූ වැසි පතිතවේ

“බුරවී” සුළි කුණාටුව මිට සුළු වේලාවකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ප්‍රකාශ කරයි.
ඒ අනුව සුළි කුණාටුවේ කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පිහිටා ඇති බවත්, හෙට උදෑසන වන විට මෙම පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා දිවයිනෙන් බැහැරව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර අද පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් මුලතිව් දිස්ත්‍රික්කයේ අලම්පිල් ප්‍රදේශයට ලැබී ඇති අතර, එය මිලිමීටර් 203.5 ක් ලෙස වාර්තා වේ.
