Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

බැංකු ක්‍ෂේත්‍රය කඩා වැටීමේ අවදානම පිළිබඳව රනිල් ප්‍රතිචාර දක්වයි.

බැංකු ක්‍ෂේත්‍රය කඩා වැටීමේ අවදානම පිළිබඳව රනිල් ප්‍රතිචාර දක්වයි.

මෙරට ඇතැම් බැංකු කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) සවස බැංකුකරුවන්ගේ රැස්වීමක් අමතමිනි.

“බැංකු නැතිව ආර්ථිකයට පැවැත්මක් නැහැ. බැංකු ආරක්ෂා කිරීමට අපට ආරක්ෂිත දැලක් අවශ්‍යයි. ඩොලර් අර්බුදය සහ බැංකු කඩාවැටීම යන දෙකේ එකතුව සුළුවෙන් තැකිය යුතු දෙයක් නොවේ. අපේ සමහර බැංකු කඩාවැටීමේ අද්දර පවතින අතර සමහර ඒවා නැවත ගොඩනැංවීමට සිදුවේවි.” ඔහු කිව්වා.

ශ්‍රී ලංකාව මේ වන විට අභ්‍යන්තර ගැටලුවකට මුහුණ දී සිටින බවත් ගෝලීය අර්බුදයේ සම්පූර්ණ පරිමාණයට තවමත් මුහුණ දී නොමැති බවත් නුදුරු අනාගතයේ දී ඊට ද මුහුණ දීමට නියමිත බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“ඉදිරියේදී ගෝලීය ඉන්ධන, ආහාර, පොහොර යනාදිය හිඟයක් ඇති විය හැකිය. ලෝකයේ තිරිඟු පිටිවලින් වැඩි ප්‍රමාණයක් පැමිණියේ යුක්රේනය සහ රුසියාව වැනි රටවලින්. එහි නිෂ්පාදනය දැන් අඩුවෙමින් පවතී. ඔහු වැඩිදුරටත් පැවසීය.

රටේ ආර්ථිකය මේ ආකාරයෙන්ම පැවතුනහොත් මධ්‍යම පන්තිය නැතිවී යන බවත් ඒ නිසා කම්කරු පන්තිය දුප්පත් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම ගැටලුවට මුහුණදීම සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතු බව ඔහු අවධාරණය කළේය.

“පෞද්ගලික අංශය වත්මන් අර්බුදයට වගකිව යුතු බව කීමට මම පසුබට නොවෙමි. මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ජනාධිපතිතුමාට ගිහින් කිව්වා ආදායම් බදු අඩු කළොත් රටේ ආර්ථිකය දියුණු වෙනවා කියලා. දැන් දියුණු වෙලාද?” ඔහු ප්‍රශ්න කළේය.

“මේ වෙලාවේ මිනිස්සු ලොකු වෙනසක් ඉල්ලනවා. මාලිගා ඇතුලේ කුමන්ත්‍රණ කරලා වැඩක් නැහැ. පාරේ විප්ලවයක් තිබේ. ඒක මැද තමයි දේශපාලනය කරන්න ඕන. අපි ඒ තත්ත්වයට ආවා” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *