බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත උන්වහන්සේ මුදා හැර තිබේ.
කොන්දේසි කඩ කළහොත් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට උත්සාහ කළහොත් ඇප නියෝගය අවලංගු කරන බවට මහේස්ත්‍රාත්වරයා තවදුරටත් අවවාද කළේය. සැකකරුට විදේශ ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා ඇත.
මේ අතර, රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හේමරතන හිමියන් මැයි 21 වන දින පස්වරුවේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලදී.
ගම්පහ කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් මීට පෙර උන්වහන්සේ අත්අඩංගුවට ගෙන මැයි 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අද දින උන්වහන්සේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දී ඇත.


