Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව – පල්ලේගම හේමරතන හිමිට ඇප

බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව – පල්ලේගම හේමරතන හිමිට ඇප

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත උන්වහන්සේ මුදා හැර තිබේ.

කොන්දේසි කඩ කළහොත් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට උත්සාහ කළහොත් ඇප නියෝගය අවලංගු කරන බවට මහේස්ත්‍රාත්වරයා තවදුරටත් අවවාද කළේය. සැකකරුට විදේශ ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා ඇත.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හේමරතන හිමියන් මැයි 21 වන දින පස්වරුවේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලදී.

ගම්පහ කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් මීට පෙර උන්වහන්සේ අත්අඩංගුවට ගෙන මැයි 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අද දින උන්වහන්සේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *