බස්නාහිර පළාතේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම ඇරඹේ

ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන බස්නාහිර පළාත තුළ අද දිනයේ සිට ආරම්භ කෙරේ. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසන්නේ බස්නාහිර පළාතේ එන්නත් ලබා දීමේ වැඩසටහන් අද (05) දිනයේ සහ හෙට දිනයේ ආරම්භ කෙරෙන බවයි.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය මව්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය දරුවාට ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබාගැනීමට පැමිණීමේදී සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *