Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

බලපත්‍ර නොමැති ගිනි අවි භාරදීමට ආරක්ෂක අමාත්‍යාංශය සහන කාලයක් ප්‍රකාශයට පත් කරයි.

බලපත්‍ර නොමැති ගිනි අවි භාරදීමට ආරක්ෂක අමාත්‍යාංශය සහන කාලයක් ප්‍රකාශයට පත් කරයි.

බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට එම ගිනි අවි පොලිසිය වෙත භාරදීම සඳහා සහන කාලයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2023 පෙබරවාරි 06 වැනි දින නිකුත් කරන ලද අංක 2318/02 දරන රජයේ ගැසට් පත්‍රය අනුව 2023 පෙබරවාරි 06 සිට 2023 පෙබරවාරි 15 දක්වා සහන කාලය ප්‍රකාශයට පත් කර ඇත.

එම සහන කාලය තුළ බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටින සියලුම තුවක්කු ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

“කාලසීමාව තුළ එවැනි බලපත්‍ර රහිත තුවක්කු භාර දෙන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන්නේ නැත. එම කාලසීමාව අවසන් වූ පසු බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබාගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබාගෙන සිටින සියලු දෙනාට අත්අඩංගුවට ගැනීමෙන් සහ නඩු පැවරීමෙන් වැළකීම සඳහා මෙම සහන කාලය භාවිතා කරන ලෙස රජය ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක හා සංවර්ධන) ඩී.එම්. සමන් දිසානායක මහතා 011-2335792 ඔස්සේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *