බන්ධනාගාර තදබදය ඉහළට

දිවයිනේ බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ වසර ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

සමස්තයක් ලෙස දිවයිනේ සියලු බන්ධනාගාර තුළ රැඳවියන් 13,241 දෙනෙකු රැඳවිය හැකි වුවත් මේ වන විට එම සංඛ්‍යාව 29,000කට ආසන්න වී තිබේ.

ඒ යටතේ රැඳවියන් 19,000කට ආසන්න සංඛ්‍යාවක් සැකකරුවන් වන අතර,10,000කට ආසන්න පිරිසක් සිරකරුවන් වන බව වාර්තා වෙයි.

ඒ අනුව සමස්ත බන්ධනාගාර ආයතන තුළ දිනෙන් දින රැඳවියන්ගේ තදබදය හා බන්ධනාගාරගත වීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *