බදුල්ලේදී කතක් කපා කොටා ඝාතනය කරයි

බදුල්ල පොලිස් වසමේ කයිලගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ දී පිහියකින් කපා තුවාල සිදු කළ කාන්තාවක් බදුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය සිදුවී ඇත්තේ අද (28) උදෑසන 9.40ට පමණි.

බදුල්ල පොලීසියට ලද පණිවිඩයක් අනුව ගොස් පරීක්ෂා කිරීමේ දී මෙම කාන්තාව බෙල්ලේ කැපුම් තුවාල සහිතව බිම වැටී සිට ඇත. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් වු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *