විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කෙරෙයි.

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව අභියාචනාධිකරණයට ඊයේ (27) දැනුම් දෙන ලදී.

අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අමාත්‍යාංශයේ තීරණය අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ‍්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දුන්නා.

වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්.මරික්කාර් යන මහත්වරුන් හමුවේ විභාගයට ගැනුණා.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් මෝසමක් මගින් ජුනි 30 වනදා අධිකරණයට කරුණු දැක්වීමට ද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *