බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය ජය ගැනීම ලංකා කණ්ඩායම සමත් වේ

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරඟය ජය ගත්තේ ලකුණු 209කින්.

ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගන්නට ශ්‍රී ලංකා පිළ සමත් වුණි.

මේ තරඟයේදී ටෙස්ට් වරම් දිනාගත් ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අද නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීම සටහන් කරමිනි.

බංග්ලාදේශය සමඟ පැවති මෙම තරඟයේදී ඔහු බිද හෙලා තිබූ කඩුලු ගණන 11 කි.

මීට පෙර 2018 වසරේ දී බංග්ලාදේශයට එරෙහිවම අකිල ධනංජය විසින් සිය මංගල ටෙස්ට් තරගයේ දී ලකුණු 44කට කඩුලු 8ක් දවා ගනිමින් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීමේ වාර්තාව පිහිටුවා තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *