බංග්ලාදේශයේ ඩකා නගරයේ සිටි සිසුන් පිරිසක් අද දිවයිනට

කොරෝනා වසංගතය හමුවේ විදෙස් රටවල සිරවී සිටින සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය යටතේ දකුණු ආසියානු රටවල සිරවී සිටි 6 වන කණ්ඩායම අද (27) දිවයිනට පැමිණීමට නියමිතය. මෙලෙස පැමිණෙන්නේ බංග්ලාදේශයේ ඩකා නගරයේ සිටි සිසුන් පිරිසක්.

පසුගිය දින කිහිපය පුරාම ලාහෝර්, කරච්චි, අම්රිට්සාර්, කත්මණ්ඩු, මුම්බායි සහ කොයිම්බතූර් නගරවල සිටි 566 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *