පෞරාණික වටිනාකමකින් යුතු යැයි සැලකෙන ගල් පර්වතයක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් වූ බව කියන සැකකරුවන් පස් දෙනෙකු පුල්මුඩේ පොලිසිය විසින් පුල්මුඩේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පුලියන්කුලම, ඊච්චලන්පත්තුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචි අවුරුදු 29 ත් 57 ත් අතර වයස්වල පසුවන්නන්.
පොලීසිය පැවසුවේ, පුල්මුඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව ය.
කෙසේ වෙතත්, පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති බවට සැලකෙන පර්වතය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන ඇත.


