පෝට් සිටි සඳහා චීන සමාගමෙන් ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක්

කොළඹ වරාය නගරය සඳහා චීන සමාගමකින් ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇත.

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය සඳහා ආයෝජනය කරන බව චයිනා හාබර් ඉංජිනේරු සහයෝගීතාව (CHEC) තහවුරු කර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි සහ චයිනා හාබර් ඉංජිනේරු සහයෝගීතාවයේ ජනාධිපති බායි යින්ෂාන් අතර බෙයිජිං හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම ආයෝජනය ප්‍රකාශයට පත් කරන ලදී.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ. “ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයෙන් ආරම්භ වන කොළඹ වරාය නගරයේ CHEC USD 1.2 b ආයෝජනය කරන බව ජනාධිපති බායි තහවුරු කළේය.”

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *