පොලීසිය විසින් රිය අනතුරු සම්බන්ධ තොරතුරු මහජනතාවගෙන් ලබා ගැනීම සඳහා ඇප් යෙදවුමක් නිර්මාණය කරයි

ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාවට නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

රථවාහන වැරදිවලට අදාළ තොරතුරු මහජනතාව වෙතින් පොලීසිය වෙත ලබාගත හැකි පරිදි එම ජංගම දුරකථන යෙදවුම (Mobile App) නිර්මාණය කර ඇත.

ලෝක රිය අනතුරු නිවාරණ සතිය එළඹෙන 17 වනදායින් ආරම්භ වන අතර ඊට සමගාමීව මෙම නව යෙදවුම හඳුන්වාදීමට නියමිතය.

පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ එම ජංගම දුරකථන යෙදවුම  හරහා රථවාහනවලට අදාළ සිද්ධි, ඡායාරූප හෝ වීඩියෝ පොලීසිය වෙත යොමුකළ හැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *