නාම යෝජනා

පොලිස් නිලධාරීන් 25,397කට උසස්වීම්

පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලිස් පරීක්ෂක නිලය දක්වා පොලිස් නිලධාරීන් 25,397කට උසස්වීම් ලබා දීමට ඊයේ (18) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර එම තීරණය පොලිස්පතිවරයාට යොමු කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.

දිගු කාලයක සිට උසස්වීම් පමාවීම නිසා 2020 වසරේ සහ 2021 වසරේ සිට උසස්වීම් ලැබීමට යෝජිතව තිබූ මෙම නිලධාරීන්ට 2019 වසරට සහ 2020 ජනවාරි මාසයට පෙරදාතම කර කොටස් දෙකකට උසස්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබීම අනුව මෙම උසස්වීම් ලබා දෙන බව පොලිස් කොමිසම පවසයි.

ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන් 15525 ක්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 1630 ක්, පොලිස් සැරයන්වරුන් 4950 ක්, කාන්තා පොලිස් සැරයන්වරියන් 263 ක්, උප පොලිස් පරීක්ෂකවරුන් 1490 ක්, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 117 ක්, පොලිස් පරීක්ෂකවරුන් 1321 ක්, කාන්තා පොලිස් පරීක්ෂකවරියන් 101 ක් උසස්වීම් ලැබීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *