පුද්ගලික වාහනයක් පැදවීමේදී මුව ආවරණ පැළදීම අනවශ්‍යයි

යම් පුද්ගලයෙකු පෞද්ගලික වාහනයක් පදවන විට මුව ආවරණයක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලිසිය දන්වා සිටී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පාලිහවඩන මහත්මිය කියා සිටින්නේ මහජනයාට ඔවුන්ගේ පෞද්ගලික වාහනවල මුව ආවරණ පැළඳීමට උපදෙස් ලබා දී නොමැති බවත්, මුව ආවරණ පැළඳීමට සෞඛ්‍ය අංශ විසින් මහජනතාව තුළ උනන්දුවක් ඇත් කළමුත් පෞද්ගලික මෝටර් රථයක් තුළ ගමන් කිරීමේ දී එය පැළදීම කිසිසේත් අවශ්‍ය නැති බවයි. එමෙන්ම ඔබ පවුලේ සාමාජිකයින් සමග ඔබගේම පුද්ගලික වාහනයෙන් ගමන් කිරීමේදීත් මුව ආවරණයක් පැළඳීම අවශ්‍ය නැති බව පබා පළිහවඩන මහත්මිය දන්වා සිටී.

මේ සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූයේ මුව ආවරණ පැළඳීම ගැන නව උපදෙස් පිළිබඳ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බවයි. නමුත්, කැබ් රථ හා ත්‍රිරෝද රථ, කුලී රථ වැනි කුලී රථවල ගමන් කිරීමේදී මහජනයා මුව ආවරණ පැළඳිය යුතු බව අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *