මැනිං වෙළෙඳපල 04 සහ 05 දිනවලදී වැසෙයි

ජුනි 04 සහ 05 යන දෙදින කොළඹ මැනිං වෙළෙඳපල වසා තැබෙන බව එහි පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා පවසයි. ඒ රට පුරා ඇඳිරි නීතිය පැණවීම හේතුවෙන්.

එසේ වසා තැබෙන එක් දිනයක මැනිං වෙළදපලේ විෂබීජහරණ කටයුතුද සිදුකිරීමටද කටයුතු යොදා තිබේ. එමෙන්ම ඉකුත් සති කිහිපය තුල විෂබීජහරණය වෙනුවෙන් වෙළඳපල ඉරිදා දින වසා තැබුවද ලබන ඉරිදා දිනයේදී මැනිං වෙළඳපල විවෘතව තැබීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *