බන්ධනාගාර තුළට ජංගම දුරකතන රැගෙනයාම වැලැක්විය නොහැකි නම් එය විහිළුවක් – ජනපති

බන්ධනාගාර තුළ සිට මෙහෙයවනු ලබන පාතාල කි‍්‍රයාකාරකම් හා අපරාධ මෙහෙයුම් නතර කිරීමට හැකියාවක් නොමැති නම් බන්ධනාගාර නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටී.

බන්ධනාගාර තුළට ජංගම දුරකතන රැගෙන යාම පවා වැළැක්වීමට නොහැකි නම් එය විහිළුවක් බවත්, බන්ධනාගාර පද්ධතිය වහාම ප‍්‍රතිසංස්කරණය විය යුතු බවටත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළා. මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *