පිල්ලෙයාන් අගෝස්තු 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය  නියෝග කළේය.

ඒ අනුව ඔහු අගෝස්තු 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මඩකලපුව මහේස්ත්‍රාත් ඒ. දර්ශිනී මහත්මිය හමුවේ අද නඩුව කැඳවූ අතර, පිල්ලෙයාන් මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදුකළ ඝාතන පහක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් මහතා ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) චෝදනා ගොනුකර තිබේ.

එම නඩුවේ පිල්ලෙයාන් මහතා තෙවැනි සැකකරු ලෙස නම්කර ඇති බව සඳහන් වේ.

මඩකලපුවේ කල්ලඩි ප්‍රදේශයේ සිදුකළ ඝාතන පහක් සම්බන්ධ චෝදනා මෙන්ම ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් එල්ල වී ඇති තවත් චෝදනා තුනක්ද මෙම නඩුවට ඇතුළත් වන අතර, ඒවා මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *