පාසැල් විවෘත කිරීමේ තීරණය දෙසැම්බර් 31 වෙනිදා ?

ජනවාරි මස දෙවැනි සතියේ පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් ඊට අනුමැතිය ලබා දී නැති බව වාර්තා වේ.

සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වු අතර එහිදී තීරණය වූයේ පාසල් යළි විවෘත කිරීම පිළිබඳව දෙසැම්බර් 31 වැනිදායින් පසු යළි සාකච්ඡා කර තීරණයක් ගැනීමටය.

උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා දිවයින පුරා සියලු පාසල් පැවැත්වීම වඩාත් උචිත බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දුන් අතර එය සෞඛ්‍යාරක්ෂිත විය යුතු බවද අවධාරණය කර සිටියහ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පුනරීක්ෂණ පන්ති පැවැත්වීමට අවසර ඉල්ලා සිටියද සෞඛ්‍ය අමාත්‍යාංශය ඊටද අවසර ලබා දී නැති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *