Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනපති කොමිසමට ආ මවුලවිගෙන් පරස්පර ප්‍රකාශ

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනපති කොමිසමට ආ මවුලවිගෙන් පරස්පර ප්‍රකාශ

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි මාවනැල්ල ප්‍රදේශයේ මවුලවීවරයෙක් යැයි කියන මොහොමඩ් කලීල් මොහොමඩ් රිස්වාන් නැමැත්තෙක් ඊයේ (13) කොමිසම හමුවේ පෙනී සිටියා. ඔහු පරස්පර ප්‍රකාශ ලබාදීම හේතුවෙන් කුරාණය මත දිවුරා සාක්ෂි ලබාදෙන්නැයි කොමිසම විසින් ඔහුට කියා සිටියේය.

මවුලවීවරයෙක් වන්නේ කෙසේදැයි කොමිසම ප්‍රථමයෙන්ම ඔහුගෙන් විමසා සිටියි.

මුස්ලිම් කටයුතු අමාත්‍යංශයෙන් පවත්වනු ලබන විභාගයක් සමත්වීමෙන් පසු මවුලවීවරයෙක් විය හැකි බවත් තමන් අදාළ විභාගයට පෙනී සිට නොමැති බැවින් මවුලවිවරයෙක් සතුවිය යුතු සහතිකයක් තමාට නොමැති බව ඔහු එහිදී සඳහන් කර සිටියා.

සාක්ෂිකරු පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයට ලබාදුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙහිදී කොමිසම කරුනු විමසා සිටියා. ඒ මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරිමේ සිද්ධියේ සැකකරුවෙක් වන ෆවුශාන් නැමැත්තා සහරාන් හෂිම් නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා එක්ව කටයුතු කරන බවට දැනගත් පසු සිය පල්ලියේ දායක සභාවට ඔහුව කැඳවා, අවවාද කළේ යැයි සාක්ෂිකරු මීට පෙර සිදුකළ ප්‍රකාශයක් පිළිබඳවයි.

ඒ පිළිබඳ ඔහු පවසා සිටියේ මොහොමඩ් රිස්වාන් පැවසුවේ, අදාළ තරුණයා පල්ලියේ දායක සභාව වෙත කැඳවූයේ ඔහු වැරදි මඟ යාම නිසා වුවත් ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග එක්ව වැඩ කළ නිසාවෙන් නොවන බවයි.

සාක්ෂිකරුගේ ප්‍රකාශ පරස්පර වීම නිසා කුරාණය මත අත තබා සාවද්‍ය තොරතුරු නොපවසන බවට දිවුරා සාක්ෂි ලබාදෙන්නැයි ජනාධිපති කොමිසම කියා සිටියේය.

එහිදී ඔහු කුරාණය මත අත තබා ප්‍රකාශ කළේ අදාළ තරුණයා පල්ලියේ දායක සභාව වෙත කැඳවුයේ ඔහු වැරදි මඟ ගිය නිසාවෙන් පමණක් වන බවයි.

කෙසේවෙතත් ඔහු අවස්ථා දෙකකදී ලබාදුන් ප්‍රකාශ පරස්පර වීම නිසා කොමිසම එය පරස්පර සාක්ෂියක් ලෙස සටහන් කර ගනු ලැබුවේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *