පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධ කිසිදු වැඩපිළිවෙළක් දියත් කරන බවක් පෙන්න නෑ – අගරදගුරු

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අගරදගුරු නිල නිවසේදී ඊයේ (18) පැවැති හමුවකදී පැවසූහ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලැබූ ඇතැම් කොමිසන් සභා මගින් එම ප්‍රහාරයේ සත්‍ය තොරතුරු අනාවරණය වීම යටපත් කළ බවත් විවිධ කොමිසන් සභා පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලුවද මෙරට ආරක්ෂක අංශ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට කිසිඳු වැඩපිළිවෙළක් දියත් කරන බවක් මෙතෙක් පෙනෙන්නට නැතැයි අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *