පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කොළඹ අගරදගුරුතුමාට කිසි විටෙකත් පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දී නොමැති අතර, අප්‍රේල් 21 වන දින උදෑසන කොළඹ බිෂොප් මන්දිරයේ පෞද්ගලික දේව මෙහෙයක් පැවැත්වීමෙන් පසු ඔහුට මෙම කලබලය පිළිබඳව දැනුම් දුන් බව කාදිනල් රංජිත් පියතුමාගේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.
“ප්‍රහාරයට පෙර ඔහුට කිසි විටෙකත් ආරක්ෂාව ලබා දී නොමැති බැවින්, කාදිනල්තුමාට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් දැනුම් දුන් බවට එල්ල වන චෝදනාව ද වැරදිය. ඔහුට ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ලබා දුන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පමණි,” ගාමිණී පියතුමා තවදුරටත් පැවසීය.



