පාකිස්ථානය ශ්‍රී ලාංකික සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනමයි.

පාකිස්තානයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා පූර්ණ හා අර්ධ වශයෙන් අරමුදල් සපයන ශිෂ්‍යත්ව ප්‍රකාශයට පත් කර ඇත.

‘අල්ලාමා මුහම්මද් ඉක්බාල් ශිෂ්‍යත්ව වැඩසටහන’ යටතේ මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

ශ්‍රී ලාංකික සහ පකිස්ථාන සිසුන් අතර ඵලදායී දැනුම හුවමාරුවක් සහ සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන පවත්වනු ලැබේ.

වැඩසටහන යටතේ වෛද්‍ය, ඉංජිනේරු, ගෘහ නිර්මාණ, ව්‍යාපාර අධ්‍යාපනය, පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ වැඩසටහන් සඳහා ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

උනන්දුවක් දක්වන අයට 2023 අප්‍රේල් 25 හෝ ඊට පෙර තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *