පාකිස්ථානය මවුබිමේදීම අසරණ කළ සිංහයෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැති දෙවැනි 20-20 තරගයෙන් ලකුණු 35ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියද 2-0ක් ලෙස ජයගැනීමට සමත් විය. මෙය ශ්‍රී ලංකාව පකිස්තානයට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජයද වේ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නවක ක්‍රීඩක භානුක රාජපක්ෂ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය මංගල අර්ධ ශතකය ලබාගැනීමට සමත් විය. ඔහු පන්දු 38කින් ලකුණු 77ක් රැස්කළ අතර ඊට හයේ පහර 6ක්ද අන්තර්ගත විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය.
ජයග්‍රහනය හඹා ගිය පාකිස්ථානය පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 147ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත්වූ නුවන් ප්‍රදීප් කඩුලු 4ක් හා වනිදු හසරංග කඩුලු 3ක් බිද හෙළීමට සමත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *