ප්‍රතිජීවක ඖෂධයක්

ප්‍රතිජීවක විස වී තවත් මරණයක්

කෑගල්ල රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 10 වැනිදා මෙම පුද්ගලයා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට ප්‍රතිජීවක ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වේ.

දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධය මොහුට ද ලබා දී ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.

කෙසේවෙතත් එදින ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් 19 වන රෝගියා මොහු බව ද වාර්තා වේ.

අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇති වීමට හැකියාව පැවති බව ද කෑගල්ල මූලික රෝහලේ බළධාරීන් ප්‍රකාශ කළේය.

 

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව “අද දෙරණ” කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *