ප්‍රතිකාර ලබන මාතර බන්ධනාගාරයේ රැඳවියන් ගණන 16 දක්වා ඉහළට

මොළයේ උණ රෝගී තත්ත්වය බවට සැකකරමින් මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින මාතර බන්ධනාගාරයේ රැඳවියන් ගණන 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මාතර බන්ධනගාරය තුළ පැතිර යන මොළයේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු පසුගිය 22 වනදා මියගියේය.

පසුව එම රෝග ලක්ෂණ සහිත තවත් රැඳවියන් 7 දෙනෙකු රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

එහිදී සැක පළ කළේ මෙම රෝගීන්ට මොළයේ උණ රෝගය වැළඳී ඇති බවටය.

පසුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගත් අතර දින 10ක කාලයක් සඳහා සිරකරුවන් බැලීමට පිටතින් පැමි‍ණෙන අමුත්තන් සීමා කිරීමටද කටයුතු කර තිබුණි.

එමෙන්ම අධිකරණ මගින් බන්ධනාගාර වෙත ඇතුළත් කරන නව රැඳවියන් අගුණුකොළපැලැස්ස සහ බූස්ස බන්ධනාගාර වෙත යොමු කර ඇත.

මේ අතර රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 08 දෙනෙකු සහ බන්ධනාගාරයේ සිට නිවසට ගොස් සිටි තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ රෝහල්ගත කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේ මෙම රෝගී තත්ත්වය මත මාතර මහ රෝහලේ දැනට රෝගින් 16 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබන බවය.

ප්‍රතිකාර ලබන රෝගීන් අතරින් රෝගීන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර රෝගී තත්ත්වයට ගොදුරු වූ රෝගීන්ගේ සාම්පල පරීක්ෂණ මට්ටමේ පවතින අතර එලෙස පරීක්ෂාවට ලක්කළ සාම්පල 4කින් 3ක් මොළයේ උණ නොවන බවට තහවුරු වී තිබේ.

කෙසේ වෙතත් රෝගී තත්ත්වය නිශ්චිතවම කුමක්ද යන්න තවමත් තවවුරු වී නොමැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *