ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට ගිය රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් සේවකයන් තිදෙනෙකු සිය දේශපාලන කටයුතු සඳහා යොදාගෙන රජයට මූල්‍ය පාඩුවක් සිදු කළ බවට කරුණානායක මහතාට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශනයට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණද, ඔහු එම කැඳවීම්වලට අනුව පෙනී නොසිටි බවද වාර්තා වේ.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පසුගියදා කරුණානායක මහතාගේ නිවසටද ගොස් තිබූ අතර, ඉන් අනතුරුව ඔහු අද කොමිසම හමුවේ පෙනී සිට තිබේ.

ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *