Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

නොමිලේ DATA ලබාදෙන බවට පවසන යොමු (Link) ක්ලික් කිරීමට යාමෙන් වලකින්න

නොමිලේ DATA ලබාදෙන බවට පවසන යොමු (Link) ක්ලික් කිරීමට යාමෙන් වලකින්න
Cyber Attack Crime

නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩ වට්සැප් ඇතුළු වෙනත් සමාජ මාධ්‍ය යෙදුම් හරහා මේ දිනවල සංසරණය වන බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ.

මෙම පණිවිඩ සමග පැමිණෙන යොමු (link) ක්ලික් කොට එය තවත් සමාජ මාධ්‍ය පරිශීලකයන් 20 කට හෝ ඊට වැඩි සංක්‍යාවක් දක්වා හුවාමාරු කරගෙන ඔබගේ පෞද්ගලික විස්තර ආදිය ලබාදී රජය විසින් ප්‍රදානය කරනු ලබන දත්ත ලබාගත හැකි බව එම පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වේ. මෙම පණිවිඩය මේ දිනවල ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන්ද තම සිසුන්වෙත කිසිදු සොයාබැලීමකින් තොරව හුවමාරුකොටගෙන ඇති නිසා බොහෝ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම පාසැල් සිසුන්ද වැඩි වශයෙන් මෙම වංචනික පණිවිඩයට හසුවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලැබී ඇති පැමිණිලි අනුව නිරීක්ෂණය වී තිබේ.

මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය කිරීමට කටයුතු කිරීම මෙන්ම ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි. මේ හේතුවෙන් සැක කටයුතු පණිවිඩ වල පැමිණෙන යොමු (link) ක්ලික් කිරීමට යාමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *