නීතිපති

නීතිපතිගේ උපදෙස් වලට එරෙහිව නීතිඥවරුන් විරෝධතාවයක

වැඩතහනමට ලක්වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලිසියට ලබා දී ඇති උපදෙස් වලට එරෙහිව නීතිඥවරුන් පිරිසක් ඊයෙ (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමග දුරකථන සංවාදයක නිරත්වීමට අදාළව ඊයේ දිනද ගිහාන් පිලපිටිය මහතා අත් අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව නීතිඥවරුන් එහිදී පවසා සිටියා.

මෙම ක්‍රියාවලිය තුළින් සමස්ථ නීතියේ ආධිපත්‍යය බිද වැටෙන බව මහජනයාට ඒත්තු යන බවත් එම තත්ත්වය වළක්වා ගැනීම සහ නීතිපතිවරයාගේ අත්තනෝමතික තීරණ වැළැක්වීමට මැදිහත් වන ලෙසට නීතිඥවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙම විරෝධතාවය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය විසින් සංවිධානය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *