Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

නිරෝධායනය වෙමින් සිට මහ මග මිය ගිය පුද්ගලයා පිළිබඳව නව අනාවරණය

නිරෝධායනය වෙමින් සිට මහ මග මිය ගිය පුද්ගලයා පිළිබඳව නව අනාවරණය
ඉකුත්  වන දින රාත්‍රියේ වැලිගම නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට ආසන්නව මාර්ගයේ තිබියදී සොයාගෙන තිබු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුර මාතර මහ රෝහලට රැගෙන ගොස් සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි මියගිය අයට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා වැලිගම පොලිස් වසමේ මිදිගම ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 49 ක් වන වරාය අධිකාරියේ සේවයෙහි නියුතු පුද්ගලයෙකු වන අතර එම පුද්ගලයා ඇතුළු පවුලේ සැම නිරෝධනය වෙමින් සිටි බවද පොලීසිය පවසයි.

කෙසේ නමුත් මෙම සිදුවිම සිදුවු දින මෙම පුද්ගලයා ආහාර රැගෙන ඒමට වැලිගම නගරයට පැමිණි බවට පොලීසිය සිදු කල මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇතැයි සදහන් වේ.

මෙම පුද්ගලයා වැලිගම නගරයට පැමිණිමෙන් අනතුරුව කිසියම් අයෙකු සමග බහින් බස් වීමකින් පසුව මොහුට පහරදීමක් ද සිදුවී තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

පහරදීම සම්බන්ධව සැකකරුවකු සැකපිට වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ආපන ශාලාවක සේවයෙහි නියුතු අයකු බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා පැමිණි බවට සැලකෙන යතුරු පැදියක් ද මෙම මෘත ශරීරයට ආසන්නව නවතා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානය අවට සවිකර තිබූ  සි.සි.ටි.වි. කැමරා දර්ශන පරික්ෂා කිරිම මගින් අනාවරණය වි ඇත්තේ මර්ගයේ වැටි සිටි මෙම පුද්ගලයා මතින් පෞද්ගලික බස්රථයක්ද ධාවනය වී පලායන ආකාරයයි.

ඒ අනුව අදාළ බස් රථය සහ එහි රියදුරු වැලිගම කඹුරුගමුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෘත ශරිරය මාතර මහ රෝහලට රැගෙන ගොස් සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි අනාවරණය වි ඇත්තේ මිය ගිය පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇති බවයි.

මෙම මරණයට හේතුව මනුෂ්‍ය ඝාතනයක් ද එසේ නොමැති නම් රිය අනතුරක් ද සම්බන්ධයෙන් මෙවන විට විමර්ශන කටයුතු සිදු වෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද  මාතර මහා රෝහලේ සිදුකිරීමට නියමිතය.

මෙහිදී මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ඉරණමඩු ප්‍රදේශයේ සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *