අද දින පැවැත්වූ 72 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ඊයේ (03 වැනිදා) පස්වරුවේ දැනුම් දී ඇති බවට වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ආරාධනා පත්‍ර යොමුකර තිබූ අතර උත්සවය පැවැත්වෙන නිදහස් චතුරශ්‍රයේ ඉදිරි පෙළ අසුන් දෙකක්ද වෙන් කර තිබිණි.
2020-02-04