නව අත්‍යාවශ්‍ය සේවා ගැසට් පත්‍රයක් නිකුත් කරයි.

විදුලි සැපයුම, ඛනිජ තෙල් සහ රෝහල් ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2022 නොවැම්බර් 03 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ගැසට් නිවේදනයට අනුව පහත දෑ අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්,
ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,
රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කිරීමට අවශ්‍ය ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ, හෝ ශ්‍රමය.
ගැසට් නිවේදනය : http://documents.gov.lk/files/egz/2022/11/2304-51_E.pdf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *