නඩුවේදී වතු කම්කරුවන්ට ජනපති සහාය

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

වතු හාම්පුතුන් පවරන්නට යන බව කියන නඩුවට අදාළව කම්කරුවන්ගේ පැත්තේ සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම නීති උපදෙස් සපයන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සම බලධාරීන්ට උපදෙස් දී ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගල පැවති මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කළ අතර අදාල වැටුප වැඩිවෙන ආකාරය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.

අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රකාශ කළේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අදාල වැටුප් වැඩි වීම සිදුකර ඇති හෙයින් තමා අධිකරණය හමුවට යන බවයි.

ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය කරන අවස්ථාව වන විට තම සංගමය වැටුප් වැඩි කිරීම ගැන අවසන් තීරණයක් ගෙන නොතිබූ බවයි.

කෙසේ වුවද වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම ප්‍රකාශයට පත් කළේ වතු හාම්පුතුන්ගේද එකඟතාවය මත බව රජය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *