government servants to retire

දෙසැම්බර් 31 වන විට රජයේ සේවකයන් 30,000ක් විශ්‍රාම යයි.

දෙසැම්බර් 31 වැනිදා වන විට රජයේ සේවකයන් 30,000කට ආසන්න පිරිසක් විශ්‍රාම යන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසයි.

ඔවුන් විශ්‍රාම ගියද රාජ්‍ය අංශයේ කඩා වැටීමක් සිදු නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යන ආරක්‍ෂක අංශය, සංස්ථා ආදී සෑම ආයතනයකම රාජ්‍ය සේවකයෝ ගණනාවක් සිටිති.

මේ අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් කමිටුවක් ද පත් කෙරුණා.

මේ අතර විශ්‍රාම යන 30,000කගේ වැටුපෙන් 85%ක් විශ්‍රාම වැටුප ලෙස රජයට ගෙවීමට සිදුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“රජයක් ලෙස අපි සෑම ආකාරයකින්ම රටට බර අඩු කර ජනතාවට සහයෝගය ලබා දීමට කටයුතු කරනවා,” ඔහු පැවසීය.

2013 වසරෙන් පසු පළාත් රාජ්‍ය සේවයේ ගණන් නොගත් රියදුරන් නොමැති වාහන විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය සභා තුළ තිබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *