Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

දුම්රිය සේවා සම්බන්ධව නව යාවත්කාලීන කිහිපයක්…

දුම්රිය සේවා සම්බන්ධව නව යාවත්කාලීන කිහිපයක්…

මාධ්‍ය වාර්තා කළ පරිදි දුම්රිය සේවා අවලංගු කළේ නැත; අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය උපදේශක කාරක සභාවේදී පවසයි

🔸 මේ මස අග වන විට දුම්රිය අවලංගු කිරීම නැවැත්වීමට නව වැඩසටහනක්

🔸 පෙබරවාරි මස මුලදී නව දුම්රිය කාලසටහනක්

🔸 දුර ගමන් දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගතව මිලදී ගැනීමට 100% අවස්ථාව ලබා දීම කෙරෙහි අවධානය යොමු කරයි

මාධ්‍ය වාර්තා කළ පරිදි සේවකයින් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ධාවනය අවලංගු නොකළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන හා මහාමාර්ග පිළිබඳ අමාත්‍ය උපදේශන කාරක සභාවේදී ඔහු ඉහත ප්‍රකාශ කළේය.

දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විශ‍්‍රාම යාම හේතුවෙන් නිශ්චිත දුම්රිය ප‍්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවුවද එය මාධ්‍ය වාර්තා කළ තරම් ඉහළ මට්ටමක නොතිබූ බවයි එහි සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ. දුම්රිය ගමන් වාර සුළු ප්‍රමාණයක් අවලංගු කළද එය විශාල මුදලක් ලෙස මාධ්‍ය මගින් පෙන්වා දුන් බවද එම නිලධාරීහු පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ කටුනායක ගුවන් තොටුපළට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් ඉන්ධන සැපයීම සඳහා පසුගිය දින කිහිපය තුළ වැඩිපුර දුම්රිය යෙදවීමට සිදුවූ බවත්, එම හේතුව මත දුම්රිය යම් තරමකින් අඩු කිරීමට සිදුවූ බවත්ය.

මාධ්‍ය වාර්තා කළ පරිදි දුම්රිය අවලංගු නොකළ බවට කරුණු හෙළි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

එමෙන්ම, නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම මේ මස අවසන් වන විට අවසන් කිරීමට ඇති හැකියාව පිළිබඳවද අමාත්‍යවරයා පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටියා. පසුගිය වසර අවසානයේ විශ්‍රාම ගොස් ඇත්තේ දුම්රිය රියදුරන් 10 දෙනෙකු පමණක් බවද ඔවුන් කියා සිටියා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ධාරිතාව අනුව නව දුම්රිය කාලසටහනක් පෙබරවාරි මස මුලදී ලබාදෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

ඊට අමතරව “Ella-Odyssey” වැනි සංචාරක ආකර්ෂණ ස්ථාන සහිත දුර ගමන් දුම්රිය සේවා සඳහා 100%ක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර ඇණවුම් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සකස් කරන ලද 2022 ජූලි 07 දිනැති අංක 2287/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි ද කමිටුව විසින් අනුමත කරන ලදී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *