දිවුලපිටිය ඇගලුම්කම්හලට කොවිඩ් ආවේ සාදයකින්ද..?

දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි සොයා ආරක්‍ෂක අංශ තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතින අතර පසුගිය 25 සහ 26 යන දෙදින තුළ එම ආයතනයේ පිරිස් සහභාගි වූ සාද දෙකක් සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශවල අවධානය මෙ වන විට යොමුව ඇති බවට වාර්තා වේ.

ගුවන් සේවාවල සේවය කරන පිරිස් නිරෝධානයනය සදහා පැමිණෙන බවට පැවසෙන එයාර් පෝට් ගාර්ඞ්න් හෝටලයේ පැවති සාදයකට මෙම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 39 දෙනෙකු ඉකුති 25 වැනිදා සහභාගි වී ඇති අතර, ඉන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව මේ වනවිට තහවුරු කර ගෙන තිබේ. ඒ අනුව ඊට සහභාගි වූ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු හරහා වෛරසය ව්‍යාප්ත වූවා දැයි සොයා මේ වනවිට විමර්ශන කි‍්‍රයාත්මකවේ.

මීට අමතරව ඉකුත් 26 වනදා අදාළ කර්මාන්ත ශාලාව තුළම තවත් සාදයක් පවත්වා ඇති අතර ඊට ජනප්‍රිය සංගීත කණ්ඩායමක්ද සහභාගි කරවාගෙන තිබේ. එම සංගීත කණ්ඩායමේ සාමාජිකයින් 13 දෙනෙකු කර්මාන්ත ශාලාව තුළට පැමිණ ඇති අතර ඔවුන් හරහා වෛරසය ව්‍යාප්ත වූවාද යන්න තවත් සැකයක් මතුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *