දිනේෂ් ෂාෆ්ටර් පරීක්ෂණය සම්බන්ධව නව අධිකරණ නියෝගයක්…

අභාවප්‍රාප්ත ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරු කොටස් සංරක්ෂණය කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම නියෝගය අද රජයේ රස පරීක්ෂකවරයාට සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත නිකුත් කර ඇත.

අභාවප්‍රාප්ත ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා ඔහුගේ සිරුරු කොටස් සුරක්ෂිත කිරීමට අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මියගිය ව්‍යාපාරිකයාගේ පවුල වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *