දැරියන් 16 දෙනෙකු අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට…

පාසල් සිසුවියන් 16 දෙනෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ උපකාරක පන්ති ගුරුවරයෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 30 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කළ බව ලංකාදීප වාර්තා කරයි.

සැකකරු සන්තකයේ තිබී වීඩියෝ දර්ශන සොයා ගැනීමෙන් අනතුරුව මෙම සිද්ධීන් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් වින්දිතයන් හඳුනා ගැනීමට නියමිතය.

කළුතර – ගාලු පාරේ පිහිටි සංකීර්ණයක පන්ති පවත්වා ඇති උපකාරක පන්ති ගුරුවරයා වෙනත් ස්ථානයක පැවති පෞද්ගලික කණ්ඩායම් පන්ති අතරතුරදී ද ළමයින්ට ලිංගික අතවර කර තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන බව පොලිසිය පවසයි.

සැකකරුට අනියම් සබඳතා ඇති බවට චෝදනා කරමින් සැකකරුගේ බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ.

ඉන් අනතුරුව අදාළ කාන්තාව ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ තිබී ලිංගික අපයෝජනයට ලක්වූ ළමුන්ගේ වීඩියෝ දර්ශන සොයා ගෙන ඇති අතර, පසුව ඇය ඒ බව වින්දිතයන්ගේ දෙමාපියන්ට දන්වා ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *