dasun Shanaka

දසුන් ශානකට ඇමෙරිකානු ඩොලර් 3000ක දඩයක්

2022 දෙසැම්බර් 8 වන දින හම්බන්තොට MRICS හිදී දඹුල්ල අවුරා සහ කලම්බු ස්ටාර්ස් අතර පැවති LPL තරඟයකදී පිටියේ සිටින විනිසුරුවරයාට විරුද්ධත්වය පෙන්වීම හේතුවෙන් දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට දඩ නියම කර ඇත.

ඒ අනුව තරග තීරකවරයා විසින් ක්‍රීඩකයාට අමෙරිකානු ඩොලර් 3000ක දඩයක් නියම කර ඇති අතර එය ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 40කට සමාන දඩ ලකුණු දෙකක් ද සමඟින්.

ක්‍රීඩකයා වරද පිළිගෙන ඇති අතර එය LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝනය කිරීමක් වන අතර එය 1 මට්ටමේ වරදක් ලෙස සලකනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *