Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

‘දකුණේ සිංහලයන් පරද්දන්න සජිත් දිනවන්න’ – සුමන්තිරන් කියයි

‘දකුණේ සිංහලයන් පරද්දන්න සජිත් දිනවන්න’ – සුමන්තිරන් කියයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව සියලු දෙනා එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.

සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම පිණිස මුලතිව්, මාන්කුලම ප්‍රාදේශයේ පැවැති රැස්වීමකදී සුමන්තිරන් එලෙස පැවසීය.

එහි දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය නමැති ව්‍යසනය නැවත වතාවක් පැමිණීමට නොදී අදාළ ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතු බවයි.

“ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ දකුණේ සිංහල ජනතාවගේ හා සිංහල නායකයන්ගේ ජයග්‍රහණය නැවැත්වීම වෙනුවෙන් දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදීමට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එක්විය යුතුව තිබෙනවා.

2005 වසරේ සිට පැවැති රාජපක්ෂ පාලනය යටතේ දෙමළ ජනතාව වෙනුවෙන් සිදු වූ කිසිදු යහපතක් නැහැ. දෙමළ ජනතාව ගැටලු රැසක පැටලවීමට රාජපක්ෂ පාලනය කටයුතු කළා.

දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාගත හැකි එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාසයි. එහෙයින් සජිත් ප්‍රේමදාස ජනාධිපති ලෙසට පත් කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කළ දෙමළ ජනතාව මෙවර ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමට කටයුතු කළ යුතුයි.” යනුවෙන්ද ඔහු එහිදී කියා සිටියේය.

අදහස් (1)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *