Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනයට නව සමාගමක්

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනයට නව සමාගමක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

එම සමාගම හරහා IOC සහ තවත් පාර්ශ්ව සමඟ එක්ව තෙල් ටැංකි සංවර්ධනය කිරීමට අපේක්ෂිතය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා පිහිටුවන නව ආයතනය වන්නේ “Trinco Petroleum Terminals Ltd“ සමාගම ය.

මෙය පිහිටුවනු ලබන්නේ ඛනිජ තෙල් සංස්ථාව යටතේ ස්ථාපිත කෙරෙන පාලිත සමාගමක් ලෙසය.

මෙම සමාගමට අදාළව IOC හා තවත් පාර්ශ්වකරුවන් සමඟ එළඹීමට නියමිත ගිවිසුම ඉදිරි මාසයක කාලය තුළ සකස්කර අවසන් කිරීමට නියමිත බව ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

දැනට IOC සමාගම සතුව ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි 14ට අමතරව තවත් ටැංකි 85ක් මේ යටතේ සංවර්ධනය කිරීමට යෝජිතය.

මේ අතර ශ්‍රී ලංකාව ඉන්දියාව සමග තෙල් ටැංකි සංකීර්ණ ගනුදෙනුවකට පිවිසීමට සූදානමින් සිටින බවට අද (29) INDIAN EXPRESS පුවත් සේවය ද වාර්තා කර තිබුණි.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ නවදිල්ලියේ සහාය පැතීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර එම නිසා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීමට දීර්ඝ කාලයක සිට පැවති සැලැස්ම කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන බව වාර්තා කරයි.

එමෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නොවැම්බර් මාසයේ නවදිල්ලියේ සංචාරය කළ අවස්ථාවේ ඔහුට කරුණු හතරකින් සමන්විත පැකේජයක් යෝජනා කර ඇති බවද එම පුවත් සේවය අනාවරණ කරයි.

ඉන්දියාවෙන් පමණක් ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා ණයක් ලබාදීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා – ඉන්දියා එකාබද්ධ සැලැස්ම සම්බන්ධයෙන් කඩිනමින් අවසන් එකඟතාවයකට පැමිණීම, ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවාදැමීම සඳහා මුදල් හුවමාරුවක් ලබාදීම, විවිධ අංශවල අයෝජන සඳහා ඉන්දීය ආයෝජකයින්ට පහසුකම් සැලසීම යන යෝජනා මෙම පැකේජයට ඇතුළත් බව පුවත්පත් වාර්තා කරයි.

එමෙන්ම ලබන ජනවාරි මාසයේ සිදුවීමට නියමිත චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ද පුවත්පත් සිය වාර්තාවෙන් අවධානය යොමු කර තිබුණි.

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ අහිතකර කාබනික පොහොර තොගයක් සම්බන්ධයෙන් දෙරට අතර අනපේක්ෂිත මතභේදාත්මක තත්ත්වයක් පැවති පසුබිමක බව එම පුවත් සේවය පෙන්වා දෙයි.

පළුදු වූ හොඳහිත යළි දිනාගැනීම සඳහා චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර ඔහු ශ්‍රී ලංකා රජය පිනවීමේ ප්‍රදානයන් ලබාදීමට ඉඩ පවතින බැවින් මෙම සංචාරය වැදගත් එකක් වනු ඇති බව ද එම පුවත් සේවය පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *