තවත් කොරෝනා ආසාධිතයින් 3ක්, සමස්ත රෝගීන් ගණන 59 යි (UPDATE)

කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

කුඩා දරුවෙක්, කොළඹ උතුර රෝහලේ ප්‍රතිකාර ලබන වයස අවුරුදු 64ක පුද්ගලයෙක් හා IDH රෝහලේ ප්‍රතිකාර ලබන 23 හැවිරිදි තරුණයෙක් ඒ අතර සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ අනුව අද දිනයේදී මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් 07 දෙනෙක් සොයා ගෙන ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.

————————————————————————————

තවත් කොරෝනා ආසාදිත රෝගින් 4ක්, මුළු රෝගීන් ගණන 56ක්

තවත් කොරෝනා වෛරය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (19) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් වෛද්‍යවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *