තරඟ අතරතුර සෙසු තරඟකරුවෙකු තල්ලු කළ යුධ හමුදා පාපැදිකරු අත්අඩංගුවට…

ඉරිදා (23) පැවති පාපැදි තරඟයක් අතරතුර තවත් යුධ හමුදා පාපැදිකරුවෙකුට තල්ලු කර බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොහුවල යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන යුද හමුදා සෙබළකු බව හිරණ පොලිසිය පවසයි.

තුවාල ලැබූ පාපැදිකරු එම යුද හමුදා කඳවුරේම කෝප්‍රල්වරයකු සහ පාපැදි කණ්ඩායමේ සාමාජිකයකු බවට හඳුනාගෙන ඇත.

අවසන් රේඛාවේ සිට මීටර් 100ක් පමණ දුරින් පැමිණි පාපැදිකරුවන් තිදෙනෙකු අතරින් යුද හමුදා සෙබළා තමාට ඉදිරියෙන් ගමන් කළ කෝප්‍රල්වරයා අත දිගු කර තල්ලු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් පාපැදි තරගය නරඹමින් සිටි 07 හැවිරිදි දරුවෙකුගේ ගැටීමෙන් කෝප්‍රල්වරයා ඇද වැටී ඇති අතර ඔවුන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දරුවා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර කෝප්‍රල්වරයා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *